යළි වැඩි වෙන බිත්තර මිල

October 14, 2024 - 11:56 AM
වෙළඳපොලේ මේ වන විට බිත්තර මිල යළිත් රුපියල් 45ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කළේ පසුගිය දිනවල වෙළඳපොලේ රුපියල් 28-32 අතර මිල ගණන්වලට පැවති බිත්තර මිල මේ වන විට ඉතා ඉහළ අගයක පවතින බවයි.

බිත්තර නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් මෙසේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මේ වන විට පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය තුළදී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

(lknews.lk)