විදුලි බිල්පත් ගෙවීම පහසු කෙරේ

January 30, 2024 - 12:18 PM
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී තිබෙනවා.

නව තාක්ෂණයට අනුගත වෙමින් මෙම ක්‍රමවෙදනයන් හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

මේ හරහා CEBCare මොබයිල් ඇප්එක මඟින්, ඔන්ලයින් බැංකු සේවා මඟින්, ලංවිම වෙබ් අඩවිය ඔස්සේ, ඕනෑම ශ්‍රී ලංකා තැපැල් කාර්යාලයක් මඟින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟින්, සුපිරි වෙළෙඳසැල්වලින් මෙන්ම mCash මඟින් ද විදුලි බිලපත් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිව තිබෙනවා.

මීට අමතරව විදුලි බිල්පත් මඟින් උද්ගත වන ගැටලු 1987 අංකයට යොමු කරන ලෙසද සඳහන්.
(lknews.lk)