විද්‍යුත් වාහන ආනයනය පිළිබඳව විශේෂ අනාවරණයක්

December 07, 2023 - 5:29 PM
විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (07) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සඳහන්කර සිටියා.

මෙම ක්‍රමවේදය ඔස්සේ ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මෙම විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන්කර සිටියේ.
(lknews.lk)