ජනවාරියේ විදුලි බිල අඩු වන බව කංචන කියයි

December 19, 2023 - 1:44 PM
ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව වාර්තා වනවා.

වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලිබලාගාර ක්‍රියාත්මක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)