විදුලි බිල ඉහළ යැවීමට ඉල්ලීම්

September 29, 2023 - 12:04 PM
විදුලි බිල ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා සඳහන් කළේ, මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකි වීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් වැය වූ බවයි.
(lknews.lk)