ඉහළ නංවන ලද විදුලි ගාස්තු මෙන්න

October 20, 2023 - 2:53 PM
විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කළා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුවයි.

එම නව ගාස්තු පහතින්,

ඒකක 0-30ත් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා ඉහළට - එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි.

ඒකක 31 සිට 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වා ඉහළට - එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30කි.

ඒකක 61 ත් 90 ත් අතර රු. 400 සිට රු.480 දක්වාත්, 91ත් 120ත් අතර රු.1,000 සිට රු.1,180 දක්වාත්, ඒකක 121ත් 180ත් අතර රු.1,500 සිට රු.1,770 සහ ඒකක 180 කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබනවා.

එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට 2024 වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු බවයි වාර්තා වන්නේ.
(lknews.lk)