වාහන ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳ සොයාබැලීමට කමිටුවක්

April 16, 2024 - 5:42 PM
මේ වන විට වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.                    

ඔහු සඳහන් කළේ මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේ වන විට සිදුකරගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.        

(lknews.lk)