VIDEO | රුපවාහිනී සජීවී වැඩසටහනක් අතරතුර තුවක්කුකරුවන් පිරිසක් මැදිරියට

January 10, 2024 - 2:34 PM
ඉක්වදෝරයේ රුපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් අතරතුර දී මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් පිරිසක් එම මැදිරියකට කඩා වැදී කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය අදාළ සජීවී දර්ශන උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ, වැඩසටහන් ඉදිරිපත් කරන්නා ඇතුළු අනෙකුත් පිරිස් වෙත හිසට තුවක්කු එල්ල කරමින් ඔවුන්ට තර්ජනය කරන ආකාරයයි.

පසුව තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගත් කිහිප දෙනෙකු මැදිරියෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර පොලිසිය විසින් අදාළ තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන තිබෙනවා.

(lknews.lk)