සා/පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම අද දහවල් නවතියි

June 12, 2024 - 11:41 AM
අද (12) දහවල් 2.00ට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ඒ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් රාජකාරිවල නිරත ගුරුවරුන්ට සංයුක්ත දීමනාව ලබා දෙන ලෙසට බල කරමින්.

සංයුක්ත දීමනාව ලබා දෙන දිනයක් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ වර්ජනයක් දක්වා පරිවර්තනය කරන බව ලේකම්වරයා අවධාරණය කළා.

(lknews)