ජාතික අක්ෂි රෝහලේ අද වර්ජනයක්

December 14, 2023 - 9:44 AM
කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද (14) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, මෙම සංකේත වැඩවර්ජනය අද පෙරවරු 8.00 සිට සවස 4:00 දක්වා ක්‍රියාත්මක බවයි. 
 
පරිපාලන නිලධාරියෙකු විසින් සිදු කළ බව කියන විෂමාචාරයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෛද්‍ය විජේසිංහ මහතා ප්‍රකාශ කළේ. 
 
කෙසේ වෙතත්, වර්ජනයෙන් හදිසි සේවාවලට බාධාවක් සිදු නොවන බව ඔහු අවධාරණය කළා.
(lknews.lk)