ප්‍රමිතියෙන් තොර ඉන්ධන පිළිබඳ සත්‍ය තොරතුරු මෙන්න

November 08, 2023 - 8:36 AM

පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස දන්වමින් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් ඇණවුම් කරන ලද ඩිසල් සහ පෙට්‍රල් 92 රැගත් M T FOS POWER නෞකාව පසුගියදා කොළඹ වරායට සේන්දු වුණා.

ඒ අනුව ඉන්ධන ගොඩබෑමට පෙර පවතින ක්‍රමවේදයට අනුව නියැදි පරීක්ෂාවක් සී පී එස් ටී එල් රසායනාගාරයේදී සිදු කළ බවයි සඳහන් වන්නේ.

එහිදී පෙට්‍රල් 92 තොගයේ සියලු පිරිවිතරයන් අනුමත ප්‍රමිතියට අනුකූලව පැවති හෙයින් ගොඩබෑමට අවසර ලබාදී තිබෙනවා.

එමෙන්ම ඩීසල් තොගයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙන බැවින් එහි ප්‍රතිඵලය අනුව ඒවා ගොඩබෑම කෙරෙහි තීරණය කිරීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්...
(lknews.lk)