මැතිවරණ කොමිසමට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සොයා ගනියි

August 10, 2024 - 9:31 AM
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින්.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල සඳහන් කළේ මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.