ගන්කන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සුපර් ලීගයක්

April 11, 2024 - 9:27 AM
පැල්මඩුල්ල ර/ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නෙට්බෝල් සුපර් ලීගයක් පවත්වා තිබෙනවා.

එම තරඟාවලිය 2024 අප්‍රේල් 07 වනදා විද්‍යාලීය මහලොළ ක්‍රීඩාංගනයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරඟාවලිය ආදි ශිෂ්‍යාවන් උසස් පෙළට පෙනී සිටි වර්ෂය අනුව සකසා ගත් කණ්ඩායම් 11ක් අතර පැවැත්වුණා.

එහි දී 2000 වසරේ උසස් පෙළ හැදෑරු කණ්ඩායම ශූරතාවය දිනා ගත් අතර 2009 වසරේ උසස් පෙළෙ හැදෑරු කණ්ඩායම අනුශූරතාවය දිනා ගත්තා.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ සබරගමුව පළාත් ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන විෂයභාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුමිතා දෙල්ගොඩ ආරච්චි මහත්මියයි.

එම විද්‍යාලයේ වත්මන් විදුහල්පති සුධීර ෆොන්සේකා,ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති හා සම්භාවනී‍ය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්වුණා.


(lknews.lk)