වර්ජනයෙන් ගොඩ ගැසුණු බහාලුම් මුදා හැරීමට කඩිනම් වැඩසටහනක්

July 12, 2024 - 4:02 PM
රේගු වැඩවර්ජනයෙන් ගොඩ ගැසුණු බහාලුම් 5,000කට අධික ප්‍රමාණය මුදා හැරීමේ කටයුතු සඳහා සති අන්තයේදී කඩිනම් වැඩසටහනක් සකස් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලබන සඳුදා වන විට එම තදබදය අවම කරගත හැකි වනු ඇති බවයි.

රුවන්වැල්ල රාජසිංහ විදුහලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(lknews)