පිළියන්දල මාරක රිය අනතුරක්

February 19, 2024 - 12:03 PM
පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ (18) සිදු වූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

අනාරක්ෂිත ලෙස යතුරුපැදිය හැරවීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහරගම ප්‍රදේශවාසීන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
(LKNEWS)