විද්‍යාපීඨ ගුරු සිසුවියන් 41ක් රෝහලට

February 08, 2024 - 5:55 PM
ආහාර විෂ වීමක් හේතුවෙන් මාතර අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුවියන් 41ක් දෙනෙක් රෝහල් ගත කර තිබුණා.

ඒ, ඊයේ රාත්‍රී ආහාර වේල ලබා ගැනීමෙන් පසුවයි.

මෙම පිරිස කඹුරුපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)