ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවය ඇරඹෙයි

October 14, 2023 - 1:19 PM
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද (14) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ වෙනුවෙන් කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මගී පර්යන්තයක් ද ඉදි කෙරුණා.

එමෙන්ම ඉන්දීය නැව් සංස්ථාව මඟින් මේ සම්බන්ධ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන බව සඳහන්.

වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ, ප්‍රවාහන සේවයේ යාමට සහ ඒමට අදාළ ටිකට් පතක මිල රුපියල් 53,500ක් වන අතර එක් ගමනාන්තයක් සඳහා වන ටිකට් පතක මිල රුපියල් 27,000ක් වන බවයි.
(lknews.lk)