පොහොර සහනාධාර අදියර දෙකක් යටතේ අද සිට

October 14, 2024 - 11:52 AM
වැඩිකළ පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු අද (14) සිට සිදු කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව පළමු අදියරේදී රුපියල් 15,000ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000ක මුදලක් ලබාදීමට නියමිතයි.

පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

(lknews.lk)