කොටවෙහෙරගල රක්ෂිතයේ ගින්නක්

June 23, 2024 - 3:58 PM
වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ හටගෙන ඇති ගින්නක් හේතුවෙන් විහාරස්ථානයේ චෛත්‍ය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

වැල්ලවාය ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් කොටවෙහරගල කඳු රක්ෂිතයේ හටගෙන ඇති ගින්න මේ වන විට වේගයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අපහසු අතර අක්කර 10කට වැඩි භූමි ප්‍රදේශයක් ගින්න හේතුවෙන් විනාශයට පත්ව ඇති බව සඳහන්.

කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි පොලීසිය සැකපළ  කරන්නේ.
(lknews.lk)