කොළඹ ගොඩනැගිල්ලක ගින්නක්

December 26, 2023 - 4:15 PM
කොළඹ, ආමර් වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 6ක් පිටත් කර යැවූ බව ගිනි නිවන ඒකකය පවසනවා.

අද (26) උදෑසන 8.30ට පමණ ගින්න හට ගෙන තිබූ අතර, ගින්නෙන් භාණ්ඩ සියල්ල විනාශ වී තිබෙනවා.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)