කෘතිම බුද්ධියෙන් නිමකළ ප්‍රථම ටෙලි නාට්‍යය විකාශය කෙරේ

March 23, 2024 - 11:47 AM
‘චීන ජන ප්‍රවාද’ නමැති කෘතිම බුද්ධියෙන් නිමකළ ප්‍රථම චීන කෙටි ටෙලිනාට්‍යය ඊයේ (22) විකාශ කර තිබෙනවා.

චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙය විකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එසේම මේ වන විට කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම කෙරෙහි චීන‍ මාධ්‍ය සමූහයේ ඉහළ අවධානය යොමු වී තිබෙනවා.
(lknews.lk)