නව ඉන්ධන වර්ගයකින් පියාසර කරන ලොව පළමු ගුවන් යානය මෙන්න

November 28, 2023 - 6:20 PM
හරිත ඉන්ධන යොදා ගනිමින් බල ගැන්වෙන ලොව පළමු ගුවන් යානය අද (28) එංගලන්තයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ගුවන් යානය Virgin Atlantic සමාගමට අයත් අතර එය ලන්ඩනයේ හීත්‍රෝ සිට නිව් යෝර්ක් හි JFK ගුවන් තොටුපළ දක්වා පියාසර කෙරෙනු ඇති.

මීට අමතරව ගුවන් ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල්වලින් අනුග්‍රහය දක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ව්‍යාපෘතියේ විශේෂ ගැටලු දෙකක් හඳුනාගැනීමට එම සමාගම සමත් වී තිබෙනවා.

එම ගැටලු වන්නේ,
1) හරිත ඉන්ධන සපයා ගැනීමේ ඌනතාවය.
2) ඉලක්ක කරා යාමට නව තාක්ෂණික ක්‍රම අවශ්‍ය වීම.

ඒ අනුව අදාළ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි Virgin Atlantic සමාගම පැවසුවේ.

පළමු ගුවන් ගමන සඳහා ගුවන් මගීන් සහභාගී කර නොගන්නා බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.
(lknews.lk)