පළමු පාසල් වාරය අද අවසන්

April 10, 2024 - 10:37 AM
මේ වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියරය අද (10) අවසන් වනවා.

ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහාද පළමු පාසල් වාරයේ පළමු අදියරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම මස 24 වනදා පළමු පාසල් වාරයේ දෙවන අදියරය ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියරය 17වන බදාදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. 

(lknews.lk)