දියේ ගිලී පස් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

September 04, 2024 - 2:32 PM
මහංගොඩ ප්‍රදේශයේදී දරුවෙක් දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මෙලස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වන මහංගොඩ, අළුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මියගිය දරුවාගේ පියා වෙළඳසැලක් පවත්වාගෙන යන අතර දරුවා එම වෙළඳසැලේ සිට තනිව නිවස වෙත ගොස් තිබෙනවා.

නමුත් දරුවා නිවසට නොපැණීම හේතුවෙන් පියා විසින් කළ සොයා බැලීමේදී නිවසේ පිටුපස වගා බිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක දියේ ගිලී සිටියදී දරුවා සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා ආරච්චි කන්ඳ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.


(lknews)