අද උදෑසන පිටවීමට නියමිත ගුවන් යානයක් ප්‍රමාද වෙයි

October 01, 2023 - 3:21 PM
නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වී තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිතව ඇත්තේ, අද උදෑසන 08.20 ට බව සඳහන්.

කෙසේවෙතත් ගුවන් යානය උදෑසන 11.00 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව නොතිබූ බවයි වාර්තා වන්නේ.

ගුවන් මගීන් 200 කට අධික පිරිසක් උදෑසන 07.15 ට මෙම ගුවන් යානය තුළට නංවා ඇති බව සඳහන්.

එම ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසි ජයකොඩි මහතා ද සිට ඇති බව වාර්තා වුණා. 
(lknews.lk)