ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

October 05, 2023 - 4:13 PM
ගංගා 4ක් ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව ගිං ගඟ, කුඩා ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය, අත්තනගලු ඔය සහ නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් බලපැවැත්වෙන බව සඳහන්.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවට කල්පනාකාරීව ගමන් කරන ලෙසත් විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
(lknews.lk)