නිල්වලා ගඟ ආශ්‍රිතව ගං වතුර අවදානම් තත්ත්වයක්

December 12, 2023 - 8:22 AM
නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ හේතුවෙන්  පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. 
 
මේ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසට මාතර සහ දෙවිනුවර පහත් බිම්වල ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.
(lknews.lk)