උත්සව සමය වෙනුවෙන් ආහාර වර්ග සම්බන්ධව දීප ව්‍යාප්ත වැටලීම්

December 10, 2023 - 1:18 PM
උත්සව සමය ඉලක්ක කර ගනිමින් ඉදිරි සතියේ සිට දීප ව්‍යාප්ත වැටලීම් දියත් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි විධායක සභික රෝෂන් කුමාර මහතා සඳහන් කළේ, ඒ වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000ක් පමණ යොදවන බවයි.

තත්ත්වයෙන් බාල, මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ ගුණාත්මක භාවයෙන් තොර ආහාර වර්ග උත්සව සමයේදී වෙළඳපොළ තුල බහුල ලෙස විකිණීමට ඇති අතර ඒවා සොයා මෙම වැටලීම් සිදු කරන බව ඔහු කියා සිටියා.
(lknews.lk)