විදේශීය චිත්‍රපට බලපත්‍ර ගාස්තු පහළට

November 23, 2023 - 11:34 AM
විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ බලපත්‍ර ගාස්තුව ලෙස මින් පෙර රුපියල් 40,000ක මුදලක් අය කර තිබුණා.

නමුත් නව සංශෝදනය හරහා එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බව සඳහන්.

මීට අමතරව ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත, ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත ලෙස සංශෝධනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. 
(lknews.lk)