නීති විරෝධී ක්‍රියාවල නිරත වූ විදේශිකයන් 205ක් පොලිස් දැලේ

July 01, 2024 - 10:38 AM
සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ අන්තර්ජාල වංචා ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවල නිරත වූ විදේශිකයන් 205 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොච්චිකඩේ පොලීසිය සමත් වී තිබෙනවා.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියානුවන් වන අතර එම සංඛ්‍යාව 136ක් බව රහස් පොලීසිය ප්‍රකාශ කළා.  

කොච්චිකඩේ සහ බත්තරමුල්ල ප්‍රදේශයේදී මෙම ඉන්දීය ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)