දිය වැළකට හසු වූ විදෙස් ජාතිකයන් දෙදෙනෙක් බේරාගනියි

May 21, 2025 - 9:20 AM
මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව බේරාගෙන මූලික ප්‍රථිකාර ලබාදී ඇති බවයි.

අනතුරට මුහුණදුන් පුද්ගලයා වයස අවුරුදු 31ක් වන බංග්ලාදේශ ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම අනතුරට මුහුණදුන් කාන්තාව වයස අවුරුදු 20ක් වන ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවක්

(lknews)