වනිඳු ස්ථානයක් පසුබසී

June 06, 2024 - 11:25 AM
ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට සිදු වී තිබෙනවා.

වනිඳු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටියා.

මේ වන විට ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කර ගැනීමට බංගලාදේශයේ ෂකිබ් අල් හසන් සමත්වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දසුන් ශානක ස්ථාන 6ක් ඉදිරියට පැමිණෙමින් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 12වන ස්ථානයේ රැඳී සිටිනවා.

(lknews)