හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිරදඬුවම්

September 26, 2023 - 8:28 AM
සැකකරුවෙකු ලෙස හඳුනාගත් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රීට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.

ඒ, 2015 වසරේ ජනවාරි 05 වනදා කහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබූ සිද්ධියට අදාළවයි.

මෙලෙස ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ ලංකා ජයරත්න මෙනෙවිය විසින් වසර 05ක සිර දඬුවම් නියම කර ඇති බව සඳහන්.

මීට අමතරව විනිසුරුවරිය මෙම දඬුවම ලබාදෙමින් රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකරුට වැඩිදුරටත් නියෝග කළා. 
(lknews.lk)