වගා හානි සිදු වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන

November 20, 2023 - 2:28 PM
පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා නොමිලේ ඩීසල් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් ලබා දෙන බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කිරීම ඊයේ (19) අගුණකොළපැලැස්සේ දී ආරම්භ කර තිබෙනවා.

එම වැඩසටහන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කර තිබුණා.
(lknews.lk)