නව වසරේ ඉන්ධන මිල ඉහළට

January 01, 2024 - 9:27 AM

සෑම මාසයකම පළමු සතිය තුළ සිදු කරන මිල සංශෝධනයට අනුව මෙවර ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

කෙසේ වෙතත් භූමිතෙල් මිල පහත දැමීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

අද(01) සිදු වූ සංශෝධනයට අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 464ක් ලෙසටයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 358ක්.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසටයි.

භූමිතෙල් මිල පමණක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් වනවා.

සිපෙට්කෝ මිල ට සාපේක්ෂව ලංකා IOC සමාගමේ සහ සිනොපෙක් සමාගමේ ද මිල ගණන් සංශෝධනය කර ඇති බවයි පැවසෙන්නේ.
(lknews.lk)