ඉන්ධන සංචිත රැක ගැනීමට නව වැඩපිළිවෙලක්

October 15, 2023 - 6:35 PM
ගාසා තීරයේ පවතින යුදමය වතාවරණය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම්වල අවිනිශ්චිතභාවය හේතුවෙන් මෙරට පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය දා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව පවතින ඉන්ධන තොග මනා කළමණකරණ ක්‍රමවේදයකට යටත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

ඉදිරි මාස දෙකක කාලයකින් පසු රටේ දැනට පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කරගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

යම් හෙයකින් යළිත් ඉන්ධන අර්බුදයක් ඇති වුවහොත් පෙර පැවැති QR කේත ක්‍රමය යළි ආරම්භ කරන්නේ ද නැතහොත් වෙනත් කළමණාකරන සැපයුම් ක්‍රමවේදයක් ක්‍රියාවට නංවන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මෙම සාකච්ඡා සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)