ඉන්ධන ප්‍රවාහනය කළ නෞකාවක් පෙරළෙයි

July 25, 2024 - 9:45 AM
කර්මාන්ත සඳහා යොදා ගන්නා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ පෙරළී තිබෙනවා.

ඒ වන විට කර්මාන්ත සඳහා යොදා ගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

එම අවස්ථාවේ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙක් නිරුපද්‍රිතව බේරා ගැනීමට සහය කණ්ඩායම් සමත් වී ඇති අතර අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

(lknews)