ඉදිරියේදී දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම විද්‍යුත් ක්‍රමයකට

July 08, 2024 - 7:30 PM
දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම වසර අවසන් වීමට පෙර එය ක්‍රියාත්මක කරන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. 

(lknews)