ඉදිරියේදී වාහනයට අදාළ සියලු බලපත්‍ර එකම තැනකින්

June 18, 2024 - 7:08 PM
ඉදිරියේදී වාහන සඳහා වාහන දුම් සහතික ලබාගන්නා ස්ථානවලින්ම රක්ෂණ සහතිකය සමඟ ආදායම් බලපත්‍රය ලබාදීමටද රජයේ අවධානය යොමු වී තිබෙනවා.

වායු විමෝචන සහතික නිකුත් කරන විටම අනෙකුත් සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අනුව පළමුව තෙවන පාර්ශවයේ රක්ෂණ සඳහා යොමුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දැනටමත් මෙම යෝජනාව අනුමැතිය සඳහා ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න වෙත ඉදිරිපත් කර තිබෙනවා.

(lknews)