ලිට්‍රෝ නව මිල ගණන් ප්‍රකාශයට දින නියම කරයි

October 01, 2023 - 1:34 PM
ඔක්තෝබර් මසට අදාළ ගෑස් මිල සංශෝධනය ද මේ මස 4 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි.

පසුගිය වර මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමුණා.
(lknews.lk)