රටවල් රැසක් ගාසා තීරයට අරමුදල් සැපයීම අත්හිටුවයි

January 30, 2024 - 12:33 PM
රටවල් රැසක් ගාසා තීරයේ ක්‍රියාත්මකවන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයට අරමුදල් සැපයීම නතර කර තිබෙනවා.

ඒ, ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු එම ආයතනයේ කාර්යමණ්ඩලයේ ඇතැම් අයගේ කාර්යභාරය සම්බන්ධයෙන් අර්බුද හටගැනීමත් සමඟයි.

මේ හේතුවෙන් පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA ) වෙත ගෙවීම් අත්හිටුවන බව ජපානය සහ ඔස්ට්‍රියාව දැනුම් දී තිබුණා.

එමෙන්ම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඉතාලිය ද අරමුදල් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(lknews.lk)