ගාසා තීරයේ සටන් තවත් මාස ගණනක් ඉදිරියට

December 27, 2023 - 2:32 PM
තවත් මාස ගණනාවක් ගාසා තීරයේ හමාස් සංවිධානය සමඟ ගැටුම් පවතින බවට ඊශ්‍රායල හමුදා ප්‍රධානී හර්සි හලේවි පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට අමතරව ගත වූ පැය 24 තුළ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 241 දෙනෙකු මියගොස් ඇති බව පලස්තීනය පවසනවා.

එමෙන්ම පුද්ගලයින් 382 දෙනෙකු ද තුවාල ලබා ඇති බව ද ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මේ දක්වා පැවති සටන් හේතුවෙන් පලස්තීන ජාතියකයින් 20,915ක් ඝාතනය වී ඇති අතර ඉන් බහුතරයක් ළමයින් සහ කාන්තාවන් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)