ඔලිම්පික් උළෙලේ රන් පදක්කමක් ඇල්ජියාවට

August 10, 2024 - 3:46 PM
මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා කි.ග්‍රෑ. 66 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ඇල්ජියාවේ ඉමාන් කලීෆ් සමත්වී තිබෙනවා.

ඇය එම තරගයේදී චීනයේ යැං ලියු විනිසුරු ඒකමතික තීන්දුවකින් (ලකුණු 5-0) පහසුවෙන් පරාජය කිරීමට සමත් වුණා.


ඒ අනුව මෙවර ඔලිම්පික් බොක්සිං ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ පළමු ඇල්ජීරියානු, අරාබි මෙන්ම එකම අප්‍රිකානු කාන්තාව බවට පත්වීමට ඉමාන්ට හැකිවී තිබෙනවා.