ජනපති මන්දිරයෙන් හමු වූ මුදල් සම්බන්ධ තීරණයක්

October 19, 2023 - 10:30 AM
අරගල සමයේදී ජනාධිපති මන්දිරයේ ජනාධිපති නිල කාමරයේ තිබී අරගලකරුවන් සොයාගනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දී තිබෙනවා. 

ඒ මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන්. 
 
ජනාධිපති මන්දිරයේ තිබී මෙම මුදල් සොයා ගනු ලැබූවේ පසුගිය වසරේ ජුලි මස 9 වැනිදායි. 
 
ජනාධිපති මන්දිරය අල්ලාගත් අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ මෙම මුදල් පසුව පොලිසියට බාර දුන්නා.
(lknews.lk)