රජය ලබා දෙන සහනාධාර අනවශ්‍ය නම් සිදුවන දේ

September 23, 2023 - 6:13 PM
පොහොර මිල දී ගැනීම සඳහා රජය ලබා දෙන මුදල් සහනාධාරය අවශ්‍ය නොමැති බවට සියලුම ගොවි සංවිධාන ප්‍රකාශ කරන්නේ නම් එම මුදල් වී මිල දී ගැනීම සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ 25 වන වාර්ෂික සමුළුවට එක් වෙමින්.

ඒ අනුව ගොවි ජනතාවට අවශ්‍ය වන්නේ තම නිෂ්පාදන සදහා ඉහළ මිලක් ලබා දීම බවත් එම සංගමය අවධාරණය කර තිබෙනවා.

මීට අමතරව පොහොර සහනාධාරය වශයෙන් වැය කරන මුදල සාධාරණ මුදලකට වී මිල දී ගැනීම සඳහා යොදවන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.
(lknews.lk)