ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට
February 23, 2025 - 4:08 PM
මෙරට මුහුදේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව ඊයේ (22) රාත්‍රියේ මන්නාරම මුහුදේ කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.
ඔවුන් පැමිණි බෝට්ටු 5ක් ද, නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් තලෙයිමන්නාරම ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදීමට නියමිත බවයි.
(lknews.lk)