වීසා කාලය ඉක්මවූ විදේශකයින් පිරිසක් ලංකාවේ

April 11, 2024 - 4:14 PM
විසා කාලය ඉක්මවූ 2400ක් පමණ විදේශිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරට සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව ව්‍යාපාරවල නිරතවන විදේශිකයන් සම්බන්ධයෙන් පාර්මේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පවසා තිබෙනවා.

ඒ අනුව ඔවුන් කියා සිටින්නේ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එමෙන්ම පොලීසියේ මැදිහත්වීම මත ඉතා ඉක්මනින් මෙයට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය සඳහන් සඳහන් කළා.            

(lknews.lk)