පතල් කැණීම් කරමින් සිටි පිරිසක් පොලිස් අත්අඩංගුවට

September 05, 2024 - 2:37 PM
බලපත්‍ර නොමැතිව පතල් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07දෙනෙක් කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හපුතලේ පොලිස් වසමේ බෝමින්න ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර නොමැතිව පතල් කැණීම් කරන බවට හපුතලේ පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 69ත් අතර පසු වන බලංගොඩ, බණ්ඩාරවෙල හා ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන හපුතලේ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.


(lknews)