පාසල් සිසුන් පිරිසක් ආහාර විෂ වී රෝහල් ගත කරයි

June 12, 2024 - 12:56 PM
කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අද (12) උදෑසන ආහාර විෂ වීමක් හේතුවෙන් කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.  

පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර වේල ලබාගැනීමෙන් පසු ඇඟ කැසීම් ඇතිවීමත් සමඟ සිසු සිසුවියන් 25 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)