පාසල් බස් රථ අනතුරකින් සිසුන් පිරිසක් මරුට

April 11, 2024 - 3:37 PM
හර්යානා ප්‍ර්‍රාන්තයේ මහේන්ද්‍රගාර්හිදී අද (11) උදෑසන පාසල් බස් රථ අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අනතුරෙන් සිසුන් 08 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

එමෙන්ම බස් රථයේ ළමුන් 30 දෙනෙකු ගමන් කර ඇති අතර රියදුරු වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.